මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා බ්ලූම්බර්ග් වෙබ් අඩවිය සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණු විස්තීර්ණ මූල්‍ය පහසුකම සම්බන්ධයෙන් අදහස් දක්වා තිබෙනවා .

ඔහු එහිදී පවසා ඇත්තේ, මීට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණු මුල්‍ය සහන භාවිත කළ හැකිව තිබුණේ ගෙවුම් ශේෂ අර්බුද සමනය කරගැනීමට වුවත් මෙවර ලැබුණු මූල්‍ය පහසුකමේ විශේෂත්වයක් ඇති බවයි .

ඒ අනුව මෙවර ලැබුණු මූල්‍ය පහසුකමේ අරමුදල් රාජ්‍ය මූල්‍ය කටයුතු පවත්වාගෙන යාම සඳහාද භාවිත කිරීමට හැකියාව ලැබී තිබෙනවා .

WhatsApp Group

Skip to content