මාතර වැල්ලමඩම මුහුදු තීරයේ දිය නාමින් සිටි සිසුන් තිදෙනෙකු අද  දහවල් මුහුදේ ගසා ගෙන ගොස් අතුරුදන් වී තිබෙනවා.

එසේ අතුරුදන්ව ඇත්තේ කඹුරුපිටිය හා මාකදුර ප්‍රදේශ වල පදිංචිව සිටි 17 හැවිරිදි සිසුන් තිදෙනෙක්.

ඔවුන් අද උදෑසන මාතර ඇලවේල්ල පාරේ ටියුෂන් පන්තියකට සහභාගී වීමට පැමිණ තිබෙනවා.

එම ස්ථානයේ දිය නෑමට කාර්මික විද්‍යාලයේ ඉගෙනුම ලබන මිතුරන් දෙදෙනෙකුට ද දුරකතනයෙන් කතා කර තිබෙන අතර ඔවුන් එතනට එන විට පාසල් සිසුන් තිදෙනාම මුහුදේ ගසා ගෙන යන අයුරු දැක විශ්ව විද්‍යාල ආරක්ෂක අංශ දැනුවත් කර තිබෙනවා.

මුහුදේ අතුරුදන් සිසුන් තිදෙනාගේ නිශ්චිත අනන්‍යතාවය මේ දක්වා හෙලි වී නොමැති අතර  ඔවුන්ගේ පොත් පත්වල ද නම් ගම් සඳහන් කර නැහැ.

කෙසේ වෙතත් වෙරලේ තිබී හමුවු ජංගම දුරකතන ඔස්සේ ඔවුන් හදුනා ගැනීමට මාතර පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

WhatsApp Group

Skip to content