ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේ දී නාමයෝජනා භාර ගැනීම, ක්‍රීඩා අමාත්‍යාංශය ප්‍රකාශයට පත් කර ඇති සංශෝධිත නව රෙගුලාසි යටතේ සිදු කිරීමට තීරණය කර තිබෙනවා.

ක්‍රිකට් නිලවරණ කමිටුවට දැනුම් දී ඇත්තේ සංශෝධිත නව රෙගුලාසි යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේ දී නාමයෝජනා භාර ගැනීම සිදු කරන ලෙසයි.

ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා සඳහන් කළේ ඊයේ දිනයේදී ඒ පිළිබඳව ලිඛිතව දැනුම් දුන් බවයි.

මීට පෙර නිලවරණ කමිටුව තීරණය කර තිබුණේ නාමයෝජනා භාර ගැනිම සංශෝධිත නව රෙගුලාසි වලින් තොරව ක්‍රිකට් ව්‍යවස්ථාවට අනුව පමණක් සිදු කිරීමටයි.

WhatsApp Group

Skip to content