උසස් පෙළ විභාග කාලසීමාවේදීත් සිදුවෙන විදුලි කප්පාදුව ගැන මානව හිමිකම් කොමිසම විසින් අදාළ නිලධාරීන් කැඳවා සිදු කළ පරීක්ෂණයෙන් පසු අද පස්වරුවේ හදිසි සාකච්ඡාවක් කැඳවා තිබෙනවා.

මානව හිමිකම් කොමිසම පෙන්වා දෙන්නේ අද සිදු කළ කැඳවීමෙන් පසු මතුවූ ගැටලු සම්බන්ධව කඩිනම් මැදිහත්වීමක් අත්‍යවශ්‍ය බැවින් මෙම සාකච්ඡාව සිදුකරන බවයි .

ඒ අනුව ඒ සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්, ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති, ලංකා බැංකුවේ සභාපති සහ මහජන බැංකුවේ සභාපතිවරයාව කැඳවා තිබෙනවා .

WhatsApp Group

Skip to content