මානසික ත්‍රස්තවාදය වැලැක්වීම සඳහා ඉතා කඩිනමින් නව නීති සම්පාදනය කළ යුතුව තිබෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා

අතේ ආයුධ නැතත් මනස නැමැති ආයුධයෙන් සන්නද්ධ වී සිටින අය හඳුනාගෙන ඔවුන් සමාජයට කරන අහිතකර ක්‍රියා වැලැක්වීම සඳහා නව නීති හඳුන්වා දිය යුතුව තිබෙන බවයි ඒ මහතා සඳහන් කරන්නේ

රටේ නීතිය ආරක්ෂා කිරීම සඳහා ආණ්ඩුව තදින් ක්‍රියා කරන බවයි ඒ මහතා සඳහන් කලේ
එමෙන්ම පසුගිය දිනවල කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශ වලට හමුදාව කැඳවූයේ විශ්වවිද්‍යාල අත්පත් කර ගැනීමේ සැලසුමක් පවතින බවට රජයට ලැබුණු බුද්ධි තොරතුරක් අනුව බවද ඒ මහතා සඳහන් කලා

එමෙන්ම ඒ මහතා සඳහන් කලේ විශ්ව විද්‍යාල ඇතුලෙන්ම රජයට අදාල තොරතුර ලැබුණු බවයි
විවිධ දේශපාලන අරමුණු තිබෙන පුද්ගලයින් මෙවැනි ක්‍රියා සිදු කරමින් සිටින බවද ආගමික ගැටුම් නිර්මාණය කරමින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් කරන ක්‍රියා ජනාධිපතිවරයා විසින් පාලනය කරමින් සිටින බව ද අබේවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියා

WhatsApp Group

Skip to content