පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ මාළු මිල ගණන් පසුගිය සතියට සාපේක්ෂව සැලකිය යුතු අගයකින් පහත වැටී තිබෙනවා.

එහි වෙළඳ සංගමයේ ලේකම් ජයන්ත කුරේ මහතා කියා සිටියේ පසුගිය සතියේදී රුපියල් 1800 කට අලෙවි වූ තලපත් කිලෝග්‍රෑමයක තොග මිල මෙම සතියේ දී රුපියල් 1400 දක්වා අඩු වී ඇති බවයි.

බලයන්, ලින්නන්, අලගොඩුවන්, ඉස්සන්, සාලයන් පසුගිය සතියට සාපේක්ෂව මෙම සතියේදී රුපියල් 200 කින් පමණ මිල අඩු වී ඇති බවද ඔහු සඳහන් කළා.

කෙසේ වෙතත්, මේ දිනවල පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයට පාරිභෝගිකයන්ගේ පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙන බවද එහි වෙළඳ සංගමයේ ලේකම් ජයන්ත කුරේ මහතා වැඩි දුරටත් කියා සිටියා.

WhatsApp Group

Skip to content