Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ඉන්දීය කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක විරාට් කෝලි අයි.සී.සී. එක්දින පිතිකරු ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ ස්ථාන දෙකක් ඉදිරියට පැමිණ තිබෙනවා. ඒ අනුව ඔහු මේ වනවිට එම ලැයිස්තුවේ හයවන ස්ථානයේ පසුවනවා.

ශ්‍රී ලංකාව සමඟ පැවති පළමු එක්දින තරගයේ දී විරාත් කෝලි ශතකයක් රැස් කිරීමට සමත් වුණා. ඒ සමඟ ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ සිටි ජොනි බෙයාර්ස්ටෝ සහ ස්ටීවන් ස්මිත් පසු කරමින් ඔහු 6 වන ස්ථානයට පැමිණ තිබෙනවා.

එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම් අනුව පළමු ස්ථානයේ තවදුරටත් රැඳී සිටින්නේ පාකිස්ථානයේ බාබර් අසාම්ය.

WhatsApp Group

Skip to content