පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ ලේඛන සියලුම තේරිම්භාර නිලධාරින්ගෙන් ලැබුණ බව මැතිවරණ කොමිසම පවසනවා.

ඒ අනුව අදාළ ලේඛන ගැසට් කිරීමට සඳහා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට යොමු කර ඇති බවයි එම කොමිසම පැවසුවේ.

එමෙන්ම අද පැවති මාධ්‍ය හමුවකදී මැතිවරණයට මුදල් ලබා දීම සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අදහස් පළ කළා.

https://www.vnews.lk/storage/2023/01/RANJITH-SIYABALAPITIYA-EDIT-01-.mp3?_=1

මේ අතර ඉදිරි මැතිවරණය නිරීක්ෂණය සඳහා සංවිධාන 4කට වැඩි සංඛ්‍යාවකට අවසර දෙන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එහි සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා පැවසුවේ, පැෆරල්, කැෆේ, ඇතුළු සංවිධානවලට එලෙස මැතිවරණය නිරීක්ෂණය සඳහා අවසර ලබා දෙන බවයි.

කෙසේ වෙතත් ඡන්ද මධ්‍යස්ථාන තුළට පිවිස නිරීක්ෂණ කටයුතු සඳහා අවසර ලබාදී ඇත්තේ, නිරීක්ෂණ කණ්ඩායම් දෙකකට පමණක් බවයි ඔහු කියා සිටියේ.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පැවසුවේ, සෙසු සංවිධාන බාහිරව නිරීක්ෂණ කටයුතුවල නිරත වන බවයි.

මේ අතර, පළාත් පාලන මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා ස්වාධීන නිරීක්ෂකයින් 7000ක් යොදවන අතර දැනට දිස්ත්‍රික් මට්ටමින් යොදවා ඇති මැතිවරණ නිරීක්ෂකයින් ඉදිරි සතියේ සිට වැඩි කිරීමට පියවර ගන්නා බව ද පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළා.

WhatsApp Group

Skip to content