Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ආණ්ඩුවට සම්බන්ධ සියලු පාර්ශ්ව සමග එක්ව ඉදිරි පළාත් පාලන මැතිවරණයට මුහුණදීමට සුදානම් බව, එක්සත් ජාතික පක්ෂය පවසනවා.

පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කළේ ,ඒ පිළිබඳව සාකච්ඡාවක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රධානීන් සමග අද පැවැත්විමට නියමිතව ඇති බවයි .

මේ අතර ඉදිරි පළාත් පාලන මැතිවරණයේදි උතුරු පළාතේ ඇතැම් පළාත් පාලන ආයතන සඳහා ඩග්ලස් දේවානන්දා මහතාගේ නායකත්වයෙන් යුත්, ඊලම් ජනතා ප්‍රජාතන්තවාදි පක්ෂයේ විණාව ලකුණින් තරග කිරීමට දැනට සැලසුම් කර ඇතැයි වාර්තා වනවා.

දකුණේ සියලු දිස්ත්‍රික්ක වලට පොහොට්ටුව ලකුණින් ඉදිරිපත් වීමට දැනට සැලසුම් කර තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂය සමග පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව, ඉදිරිපත් වන ලකුණ පිළිබඳ අවසන් තීරණයක් ගන්නා බවයි, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පැවසුවේ.මේ අතර දිවයිනේ සියලු පළාත් පාලන ආයතන සඳහා දුරකතනය ලකුණෙන් තරග වැදීමට සිය පක්ෂය මේ වන විට තීරණය කර ඇතැයි සමගි ජන බලවේගය පවසනවා .

මේ අතර සිය මන්ත්‍රි කණ්ඩායමේ හමුවක් අද පැවැත්වෙන බව නිදහස ජනතා සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසනවා.

එමෙන්ම පළාත් පාලන මැතිවරණය සඳහා වෙනම තරග කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කරන ලද අමාත්‍ය මහින්ද අමරවීර ඇතුළු කණ්ඩායම තීරණය කර තිබෙනවා.

මේ අතර ඉදිරි පළාත් පාලන මැතිවරණය සමබන්ධයෙන් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතාද අදහස් පල කළා .

https://www.vnews.lk/storage/2023/01/VIJITHA-HERATH-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content