Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

මැතිවරණ කොමිෂන් සභාව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මේ මස 9 වැනිදා පැවැත් වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය එළඹෙන අප්‍රෙල් 25 වැනි දා පැවැත්වීම වඩා සුදුසු බව මැතිවරණ කොමිසම විසින් දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරින්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ අනුව ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතු සහ සෙසු පහසුකම් සැපයීම සම්බන්ධයෙන් මතු වූ අනපේක්ෂිත සහ නොවැලක්විය හැකි හේතු මත ඡන්දය කල් යන බවයි එම කොමිසම දන්වා සිටින්නේ.

පළාත් පාලන ඡන්ද විමසීම් පනතට අනුව අදාල ඡන්ද විමසීමේ දිනය අප්‍රෙල් මස 25 වැනි දා බව දිස්ත්‍රික් තේරි භාර නිලධාරින් විසින් දන්වනු ඇති.

මේ අතර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව විශේෂ සාකච්ඡාවක් අද දින මැතිවරණ කොමිෂන් සභාවේදී පැවැත් වුණා.

එම සාකච්ඡාවට මැතිවරණයට අදාළ සියලු පාර්ශව එක් වූ බවයි වාර්තා වන්නේ.

මේ සදහා මුද්‍රණාලයේ අධිපතිනිය මෙන්ම මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට ද කැදවීමක් සිදු කර තිබුණද මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා මෙම සාකච්ඡාවට එක්ව සිටියේ නැහැ.

මේ සම්බන්ධයෙන් අද දින විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් විමසා සිටියා.

එම අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ ආරක්ෂක කවුන්සිලය විසින් සංවිධානය කර තිබූ විශේෂ රැස්වීමක් සදහා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට සහභාගි වීමට සිදු වීම හේතුවෙන් අදාළ සාකච්ඡාවට පැමිණීමට නොහැකි වූ බවයි.

https://www.vnews.lk/storage/2023/03/DINESH-VS-SAJITH-EDIT-.mp3?_=1

මේ එම සාකච්ඡාවෙන් අනතුරුව මුද්‍රණාලයේ අධිපතිනිය ගංගානි කල්පනා මහත්මිය මාධ්‍යට දැක්වූ අදහස්.

https://www.vnews.lk/storage/2023/03/GANGANI-KALPANA-EDIT-.mp3?_=2

එමෙන්ම විපක්ෂයේ මන්ත්‍රිවරු කිහිපදෙනෙකුගේ අත්සනින් යුතු ලිපියක් මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමුකර ඇති අතර අදාළ ලිපියෙන් පෙන්වා දී ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීරණය මත පළාත් පාලන ඡන්ද විමසීම සදහා වෙන් කර ඇති මුදල් රදවා ගැනීම වළක්වා ගැනීම මගින් ලබන 19 වනදාට පෙර ඡන්ද විමසීමට අනිවාර්්‍යයෙන් පැවැත්විය යුතු බවයි.

මේ අදාළ සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ විපක්ෂයේ සාමාජිකයින්.

https://www.vnews.lk/storage/2023/03/MIX-EDIT-1-1.mp3?_=3

WhatsApp Group

Skip to content