මැතිවරණ කොමිෂන් සභාවේ රැස්වීමක් අද පෙරවරු 10.30 ට පැවැත්වෙන බව එහි සභාපති නිමල් පුංචිහේවා මහතා පවසනවා.

මුදල් අමාත්‍යාංශය පළාත් පාලන මැතිරවණය පැවැත්වීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන මෙතෙක් ලබා නොදීම හමුවේ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබදව මෙහිදි සාකච්ඡා කිරීමට නියමිතයි.

මුදල් ප්‍රතිපාදන නොමැති වීම හේතුවෙන් මේ මස 9 වන දා පැවැත්වීමට තිබූ පළාත් පාලන මැතිවරණය එළඹෙන අප්‍රේල් 25 වන දා දක්වා කල් දැමීමට මැතිවරණ කොමිෂන් සභාව පසුගිය දා තීරණය කළා.

WhatsApp Group

Skip to content