Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ඉදිරි මැතිවරණ වලදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අනිකුත් පක්ෂ සමග සංධානගතව තරග වැදීමට බොහෝ දුරට ඉඩ ඇති බව රාජ්‍ය අමත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා .

ඔහු මෙම අදහස් පළකලේ මහනුවර ප්‍රදේශයේ පැවතී මාධ්‍ය හමුවකදී .

https://www.vnews.lk/storage/2022/12/DILUM-AMUNUGAMA-EDIT.mp3?_=1

මේ අතර ජනවරමක් නොමැති ආණ්ඩුවක් හේතුවෙන් මේ වනවිට රට අර්බුධකාරි තත්වයක් කරා ගමන් කර ඇති බව ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ උප සභාපති රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසනවා .

මේ අනුව ඉදිරි මැතිවරණ සදහා තම පක්ෂය තනිව තරග කරන බවයි ඒ මහතා කියාසිටියේ .

https://www.vnews.lk/storage/2022/12/ROHANA-LAKSHMAN-PIYADASA-EDIT.mp3?_=2

මේ අතර මැතිවරණ කොමිසම අද රැස්ව තිබෙනවා.

එහි සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ,කොමිසමේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ජා කිරීමේ අරමුණින් මෙම රැස්වීම පැවැත් වු බවයි .

මේ අතර පළාත් පාලන ආයතන ඡන්දය වීමසීමට අදාළ නාමයෝජනා කැඳවීමේ දැන්වීම් දෙසැම්බර් මස අවසන් සතියේ ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව පසුගිය දා නිවේදනය කලා .

WhatsApp Group

Skip to content