මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය මාසයකින් කල්දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ අමාත්‍යංශයීය උපදේශක කාරක සභාව ගනු ලැබූ තීරණයක් අනුවයි.

අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එම කාරක සභාව පාර්ලිමේන්තුවේදී ඊයේ රැස්වූවා.

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව කියා සිටියේ එහිදී මෙම තීරණය ගනු ලැබූ බවයි.

අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ව්‍යස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ අමාත්‍යංශයීය උපදේශක කාරක සභාවේ මන්ත්‍රීවරුන් විසින් කළ ඉල්ලීමකට අනුව එම තීරණය ගෙන තිබෙනවා.

 

 

WhatsApp Group

Skip to content