පෑලියගොඩ – මැනිං වෙළඳපොල සංකීර්ණයෙන් බැහැර කරන කසළ විශාල ලෙස ඒකරාශීවීම හේතුවෙන් වෙළඳුන් මෙන්ම පාරිභෝගිකයින්ද අසීරුතාවට පත්ව තිබෙනවා.

මේ හේතුවෙන් දැඩි දුඟදක් ද පැතිරීම හේතුවෙන් එළවළු, පළතුරු මිලදී ගැනීම සඳහා ජනතාවගේ පැමිණීම ද අඩුවී ඇති බවයි සීමාසහිත ඒකාබද්ධ ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං වෙළඳ සංගමයේ භාණ්ඩාගාරික නිමල් අත්තනායක මහතා පවසන්නේ .

මේ අතර මැනිං වෙළඳපොලේ ව්‍යාපාරිකයින් විසින් වෙළඳපොල භූමියේදී උද්ඝෝෂණයක ද නිරත වුණා .

ඒ තමන්ට මුහුණපෑමට සිදුව ඇති ගැටළුවලට කඩිනමින් විසඳුම් ලබාදෙන ලෙස රජයට බල කරමින්.

WhatsApp Group

Skip to content