විද්‍යාපීඨ ඩිප්ලෝමාධාරීන් 7800ක් ලබන මාසයේ ගුරු සේවයට බඳවා ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා

අමාත්‍යාංශය පැවසුවේ, මේ වනවිට ඔවුන්ගේ ප්‍රතිඵල ලේඛන ජාතික අධ්‍යාපන ආයතනයට යොමු කර ඇති බවයි.

ප්‍රාථමික ශ්‍රේණි හා සාමාන්‍ය පෙළ දක්වා ගණිතය විද්‍යාව හා ඉංග්‍රීසි වැනි විෂයන්ට අදාළව මෙම ගුරුවරුන් බඳවා ගැනෙනු ඇති .

මේ අතර, රාජ්‍ය සේවයේ උපාධිධාරින් ගුරු සේවයට බඳවා ගැනීම සඳහා හෙට දින පැවැත්වීමට නියමිතව තිබූ විභාගය දින නියමයක් නොමැතිව කල් දැමීමට සිදුවු බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා .

ඒ විභාගය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්ව තිබූ පෙත්සමක් සලකා බලමින් ලබාදුන් අතුරු තහනම් නියෝගයක් හේතුවෙන් .

මේ පිළිබදව අද දින පාර්ලිමේන්තුවේදී අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාද මෙලෙස අදහස් පළකලා .

https://www.vnews.lk/storage/2023/03/SUSIL-PREMAJAYANTH-EDIT-4.mp3?_=1

WhatsApp Group

Skip to content