යුක්රේනයට යුද ටැංකි සැපයීම සඳහා වන ඉල්ලීම් වේගවත් කිරීම සඳහා මිත්‍ර රටවල් රැසක් අද හමුවක් කැඳවා තිබෙනවා.

නිරිතදිග ජර්මනියේ පිහිටි එක්සත් ජනපද රැම්ස්ටයින් ගුවන් කඳවුරේදී රටවල් 50කට වැඩි සංඛ්‍යාවක් හමුවීමට නියමිතයි.

එහිදී ආයුධ සැපයුම් සම්බන්ධීකරණය පිළිබඳ එකඟතාවකට පැමිණෙනු ඇති.

අද හමුව කැඳවා ඇත්තේ – රුසියානු ප්‍රහාරවලින් බේරීමට යුක්රේනයට උපකාර කිරීම සඳහා එක්සත් ජනපදය සහ යුරෝපීය රටවල් කිහිපයක් තවත් උපකරණ ලබා දීමට ප්‍රතිඥා දීමෙන් අනතුරුවයි.

ජර්මනිය – අති නවීන යුධ ටැංකි යුක්රේනයට අපනයනය කිරීම සම්බන්ධයෙන් මෙතෙක් නිගමනයකට පැමිණ නැහැ.

එක්සත් රාජධානිය මෑතකදී යුධ ටැංකි 14ක් යුක්රේනයට යවා ඇති අතර ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසන්නේ – බොහෝ යුධ ආධාර අවශ්‍යව ඇති බවයි.

WhatsApp Group

Skip to content