Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

මුජිබර් රහුමාන් මහතා ඉවත් වීම හේතුවෙන් පුරප්පාඩු වූ සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආසනය සඳහා ඒ.එච්.එම්. ෆවුසි මහතා ඉදිරිපත් කිරීමේ සුදානමක් ඇතැයි වර්තා වනවා.

සමඟි ජනබලවේගය පකෂ්යේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා අද දින පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස් වුණා.

ඒ ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණයේදී කොළඹ නගර සභාවේ නගරාධිපතිධූරය සඳහා තරඟ කිරීමටයි.

මේ ඒ පිළිබඳව අද දින පාර්ලිමේන්තුවේදී විශෙෂ් පක්‍රාශයක් කරමින් කරුණු දැක්වූ මුජිබර් රහුමාන් මහතා

https://www.vnews.lk/storage/2023/01/MUJIBAR-RAHUMAN-EDIT.mp3?_=1

මේ අතර සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා එම මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වී ඇති හෙයින් මන්ත්‍රී ධූරයක පුරප්පාඩුවක් පවතින බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් පුංචිහේවා මහතාට අද දැනුම් දී තිබෙනවා.

පාර්ලිමේන්තු මහලේකම්වරයා ලිපියක් යොමු කරමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් පුංචිහේවා මහතාට දන්වා ඇත්තේ මුජිබර් රහුමාන් මහතා මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය තමාට බාරදුන් බවයි.

රහුමාන් මහතාගේ ඉල්ලා අස්වීම අද දිනයේ සිට බලපැවැත්වෙන බවත් නවවැනි පාර්ලිමේන්තුවේ මුජිබර් රහුමාන් මහතාගේ අසුන හිස්ව ඇතැයි 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64(1) වගන්තිය ප්‍රකාරව දැනුම් දෙන බවත් මහ ලේකම්වරයා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත වැඩිදුරටත් දැනුම්දී තිබෙනවා.

මේ අතර මුජිබර් රහුමාන් මහතා ඉල්ලා අස්වීමෙන් පසු සමගි ජන බලවේගය කොළඹ දිස්ත්‍රික් ලැයිස්තුවේ මීළඟට වැඩිම මනාප ලබාගත් අපේක්ෂකයා ලෙස සිටින්නේ හිටපු අමාත්‍ය ඒ.එච්.එම්.ෆවුසි මහතායි.

ඒ.එච්.එම්.ෆවුසි මහතා මේ වන විට 85 වැනි වියේ පසුවන අතර මීට පෙර කොළඹ නගරාධිපති ධුරය දැරූ අයකු වීම විශේෂත්වයක්.

මේ අතර, කොළඹ මහ නගර සභාවේ පුරපති ධුරයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කිරීමට තීරණය කර තිබූ නමුත් එක්සත් ජාතික පක්ෂයෙන් එම ධුරයට තරග කිරීමට අපේක්ෂා නොකරන බව පසුගිය දා නිදහස් පක්ෂයෙන් ඉවත් වූ හිටපු අමාත්‍ය ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා පවසනවා.

 

WhatsApp Group

Skip to content