Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

සමාජයේ ඇති බරපතලම වරදක් වන මනුෂ්‍යයකු ඝාතය කිරීම තුලින් කිසිදු පුද්ගලයකුට ප්‍රශ්න සදහා පිළිතුරු සෙවීම සිදු කල නොහැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරි නිතීඥ නිහාල් තල්දුව මහතා පවසනවා .

කොළඹ පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ ඊයේ පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනුයි ඔහු මේ බව සදහන් කළේ .

කොළඹ තුර තරග පිටියේ තරුණියක් ඝාතනය කිරීම , මහනුවර පාසලක ආරක්ෂක නිලධාරියෙකු ඝාතය කිරීම සහ කැලණිය ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීම සම්බන්ධයෙන් මෙම මාධ්‍ය හමුව පවත්වනු ලැබුවා .

මෙම ක්‍රියා සදහා මත්ද්‍රව්‍ය භාවිතය සහ නුසුදුසු පුද්ගලයින් ආශ්‍රය කිරීම ද හේතු වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් සදහන් කලේ .

https://www.vnews.lk/storage/2023/01/NIHAL-THALDOOWA-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content