නිසියාකාරව විදුලිබල මණ්ඩලය මගින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ගෙවිය යුතු මුදල් නොගෙවන්නේ නම් ඉදිරියේදී තෙල් පිරිපහදුව පවත්වාගෙන යෑමට නොහැකිවන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ සුසන්ත සිල්වා මහතා පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කලේ ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් .

ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේ මේ වනවිට විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 108 කට අධික මුදලක් ගෙවීමට ඇති බවයි.

https://www.vnews.lk/storage/2023/01/SUSANTHA-EDIT-.mp3?_=1

මේ අතර අද දිනයේත් පැය දෙකයි මිනිත්තු 20 ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව අවසර ලබා දී තිබෙනවා .

ඒ අනුව දහවල් කාලයේ පැයක් සහ රාත්‍රී කාලයේ පැයයි මිනිත්තු 20 ක කාලයක් විදුලි කප්පාදුව සිදු වනු ඇති .

WhatsApp Group

Skip to content