ගාල්ල උණවටුන ප්‍රදේශයේ දී ත්‍රිරෝද රථයක් දුම්රියේ ගැටී අනතුරට ලක්වීමෙන් මියගිය රුසියානු ජාතික කාන්තාවගේ දියණිය භාර ගැනීම සඳහා කිසිවෙකු තවමත් ඉදිරිපත් වී නොමැති බව වාර්තා වනවා.

මියගිය අදාළ කාන්තාව ඇයගේ කුඩා දියණිය උණවටුන ප්‍රදේශයේ නවාතැන් ගෙන තිබෙනවා.

සිය සිව් හැවිරිදි දැරිය දිවා සුරැකුම් මධ්‍යස්ථානය වෙත පිටත් කර යවා නැවත පැමිණෙමින් සිටියදී රුසියානු ජාතික කාන්තාව මෙම අනතුරට මුහුණදෙනු ලැබුවා.

මොවුන්ගේ කිසිඳු ඥාතියෙකු මෙරට නොමැති වීම හේතුවෙන් තානාපති කාර්යාලය හරහා ඔවුන්ගේ ඥාතියෙකු සම්බන්ධ කරගන්නා තෙක් කුඩා දැරිය දිවා සුරැකුම් මධ්‍යස්ථානයේම රඳවා ගැනීමට නියමිත බවටයි වාර්තා වන්නේ.

ඊයේ උදෑසන උණවටුන ප්‍රදේශයේ දී බෙලිඅත්ත සිට වව්නියාව බලා ධාවනය වූ රජරට රැජිණ දුම්රියේ ත්‍රිරෝද රථය ගැටීමෙන් එම රුසියානු ජාතික කාන්තාව සහ ත්‍රිරෝද රථයේ රියදුරු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වුණා.

පොලීසිය පවසන්නේ ත්‍රිරෝද රථ රියදුරු නොසැළකිලිමත් ලෙස දුම්රිය මාර්ගය හරහා ත්‍රිරෝද රථය ධාවනය කිරීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

WhatsApp Group

Skip to content