Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

මීගමුව ප්‍රාදේශීය ලේකම් අයේෂ් පෙරේරා මහතා සිය නිල නිවස තුලදී අභිරහස් ලෙස මියගොස් සිටියදී සොයා ගෙන තිබෙනවා.

ජීවිතක්ෂයට පත්වන විට ඒ මහතා 43 වන වියේ පසු වූවා.

ප්‍රාදේශීය ලේකම්වරයා ගෙලවැළලාගෙන මියගොස් සිටින බව, හදිසි රාජකාරියක් සඳහා පිටත්ව යාමට නිල නිවසට ප ැමිණි සේවකයෙකු අද උදෑසන දැක තිබෙනවා.

අනතුරුව ඔහු ඒ සම්බන්ධයෙන් පොලිසියට දැනුම්දී ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර පොලිසිය පවසන්නේ මෙම මරණය සිය දිවි නසා ගැනීමක්ද එසේත් නොමැති නම් ඝාතනයක් ද යන්න සම්බන්ධයෙන් නිවැරදිව තහවුරු කර ගැනීමට විමර්ශනයක් සිදු කරන බවයි.

සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මිගමුව පොලිසිය විසින් කරනු ලබනවා.

WhatsApp Group

Skip to content