Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට අදාළ මුදල් තවමත් ලැබී නොමැති බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ මහත්මිය,මැතිවරණ කොමිසම වෙත දැනුම් දී තිබෙනවා.

දැනට මුද්‍රණය කර ඇති ඡන්ද පතිකා ද ලබා දීමට නොහැකි බව ඇය ප්‍රකාශ කළ බවයි මැතිවරණ කොමිසමේ සභාපති නිතීඥ නිමල් පුංචි හේවා මහතා කියා සිටියේ.

මේ අතර පළාත්පාලන ආයතන 340 ක නිල කාලය හෙටින් අවසන් වීමට නියමිතයි.පළාත් පාලන ආයතන 340ක නිල කාලය හෙට අවසන්වීමත් සමඟ එම ආයතනවල ඉදිරි කටයුතු සිදුකිරීම සහ පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ පළාත් ආණ්ඩුකාරවරු අතර පසුගිය දා සාකච්ඡාවක් ද පැවැත්වුණා.

පළාත්පාලන ආයතන කොමසාරිස්වරුන්ගේ පාලනයට යටත් කිරිම සම්බන්ධයෙන් එහි දී සාකච්ඡා වී ඇති බව සඳහන්.

මේ අතර ආණ්ඩුව ක්‍රියාකරන ආකාරය පිළිබද සතුටු විය නොහැකි බව පැෆරල් සංවිධානය චෝදනා කරනවා.

එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිඅර්ච්චි මහතා මේ බව ප්‍රකාශ කලේ ඊයේ පැවති උත්සවයකදී.

https://www.vnews.lk/storage/2023/03/ROHANA-HETTIARCHCHI-EDIT-.mp3?_=1

මේ අතර පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග ගැන විශේෂ සාකච්ඡාවක් ලබන 22 දා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ දී මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතයි.මේ සඳහා දේශපාලන පක්ෂ ලේකම්වරු සහ නිරීක්ෂණ සංවිධාන නියෝජිතයින් සහභාගි වන බව වාර්තා වනවා .

WhatsApp Group

Skip to content