Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ඉතා සුපරීක්ෂාකාරීව ඩිජිටල් මුදල් ඒකකයන් පිළිබඳව මේ වනවිට අධ්‍යයනය කරමින් සිටින බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවාසනවා .

එය ඉදිරි ගමන වෙනස් කිරීමට හැකි තීරණාත්මක සාධකයක් වනු ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ .

නවදිල්ලි නුවර පැවති ”දකුණු ආසියාවේ ප්‍රත්‍යස්ථ වර්ධනයට මාවත“ නම් සංවාදය සඳහා එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබුණා .

අදාළ සංවාදය සංවිධානය කර තිබුනේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් .

මේ අතර වානිජ බැංකුවලට ජනවාරි 16 වනදා සිට බලපැවැත්වෙන පරිදි සිය අතිරික්ත ද්‍රවශීලතාව නිත්‍ය තැන්පතු පහසුකම යටතේ එක්දින පදනම මත තැන්පත් කිරීමට සහ පොලිය උපයා ගැනීමට තිබූ අවස්ථාව මාසයකට උපරිම අවස්ථා 5 ක් දක්වා සීමා කර තිබෙනවා.

එසේම, සුරැකුම් මත ලබාදෙන නිත්‍ය ණය පහසුකම අදාළ දිනකදී බැංකුවේ සංචිත අවශ්‍යතාවයෙන් සියයට 90 දක්වා සීමා කිරීමටයි කටයුතු කර ඇත්තේ .

මූල්‍ය පද්ධතියේ ස්ථායිතාව ආරක්ෂා කර ගැනීම සඳහා මෙලෙස නිත්‍ය පහසුකම මත වන ඉහළ රැඳියාව අඩු කිරීමට ක්‍රියාමාර්ග ප්‍රකාශයට පත් කළ බවයි මහබැංකුව ප්‍රකාශ කළේ .

මූල්‍ය ආයතන අතර තැන්පතු සඳහා වන හිතකර නොවන තරගකාරිත්වය මෙවැනි ක්‍රියාමාර්ග හේතුවෙන් ඉවත් කරනු ඇති අතර, වෙළඳපොල ද්‍රවශීලතාව ද වර්ධනය කරනු ඇති බව මහබැංකුවේ අදහස වී තිබෙනවා .

WhatsApp Group

Skip to content