Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශව විසින් මේ වනවිට පොලිස් දෙපාර්තමේන්තුවට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් 1,521ක් ලැබී තිබෙන බව වාර්තා වනවා.

මෙම කරුණු අනාවරණ වුණේ මහාචාර්ය අර්ජුන පරාක්‍රම මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ දී ඊට අදාලව කළ කරුණු දැක්වීමකට අනුවයි.

පසුගිය ජනවාරි 20 වැනි දා ආර්ථික අර්බුදයට විසඳුම් ඉල්ලා කොළඹ විශ්වවිද්‍යාලයේ සිට මුදල් අමාත්‍යාංශය දක්වා පැවති වෘත්තිකයින්ගේ සාමකාමී පාගමනේ දී ඊට පොලිසිය විවිධ අවස්ථාවල දී බාධා කිරීම් සිදු කළ බවත්, එමඟින් ඔවුන්ගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව ඔහු සිය පෙත්සමෙන් දන්වා තිබුණා.

WhatsApp Group

Skip to content