ශ්‍රී ලංකාවට ලැබී ඇති මඩපොහොර හෙවත් ත්‍රිත්ව සුපිරි පොහොර මෙට්‍රික් ටොන් 36,000ක ප්‍රමාණය කෘෂිකර්ම අමාත්‍යාංශයට නිල වශයෙන් බාර දීම හෙට දිනයේ සිදු කිරීමට නියමිතයි.

උතුරු නැගෙනහිර යල කන්නයේ වී වගාව මේ වනවිටත් ආරම්භ කර තිබීම හේතුවෙන් මෙම පොහොරවලින් පළමු තොගය එම පළාත්වල සියලු දිස්ත්‍රික්කයන්ට ලබා දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කොමර්ෂල් පොහොර සමාගමට හා ලංකා පොහොර සමාගමට උපදෙස් දී තිබෙනවා.

ඒ අනුව ඊයේ දිනය තුළ උතුර හා නැගෙනහිර පළාත්වලට අයත් සියලුම දිස්ත්‍රික්ක වෙත මඩපොහොර මෙට්‍රික් ටොන් 11,537ක් බෙදා හැරීමට පියවර ගත් බවයි කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා සඳහන් කළේ.

WhatsApp Group

Skip to content