Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ධාවනය වෙමින් තිබූ උඩරට මැණිකේ දුම්රිය නතර කිරීමට උත්සාහ කළ පුද්ගලයෙකු දුම්රියේ ගැටීමෙන් බරපතළ තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

දුම්රිය ස්ථානයේ සේවය කරන සේවකයින් පිරිසක් එක්ව තුවාල ලැබූ පුද්ගලයා රෝහල්ගත කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

රොසැල්ල – හැටන් දුම්රිය ස්ථාන දෙක අතර පිහිටි මල්ලිඅප්පුව ප්‍රදේශයේදි අද පස්වරු 1ට පමණ මෙම පුද්ගලයා මෙලෙස දුම්රියේ ගැටී තිබෙනවා.

අධික ලෙස බිමත්ව සිටි මෙම පුද්ගලයා දුම්රිය මාර්ගය මැදට වී ධාවනය වෙමින් තිබූ දුම්රිය නතර කිරීමට උත්සාහ කර තිබෙන බව හැටන් පොලිසිය සඳහන් කළා.

තුවාල ලැබූ පුද්ගලයා 41 හැවිරිදි අයෙක් වන අතර ඔහු දික්ඔය පොඩයිස් වතුයායේ පදිංචිකරුවෙක්.

WhatsApp Group

Skip to content