Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

මෙවර ජාතික වෙසක් උත්සවය හලාවත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කැබැල්ලෑවල ශ්‍රී රතනසිරි පිරිවෙන් විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

බුද්ධ ශාසන, ආගමික කටයුතු හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම් සෝමරත්න විදානපතිරණ මේ බව නිවේදනය කළා.

වැඩිදුරටත් අදහස් දක්වමින් එතුමා සඳහන් කළේ වෙසක් සතිය නිමිත්තෙන් දිවයින පුරා ආගමික උත්සව ගණනාවක් සංවිධානය කර ඇති බවයි.

මෙවර වෙසක් සතිය මැයි මස 2 වන දා සිට 8 වන දක්වා පැවැත්වීමට නියමිතයි.

බුදුරජාණන් වහන්සේගේ තෙමඟු‍ල සිහි කරනු වස් සමරනු ලබන මෙම වෙසක් උත්සවය බෞද්ධ ජනතාවට ඉතා වැදගත් උත්සවයක් ද වනවා.

WhatsApp Group

Skip to content