මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ මේ වනවිට සිය මැයි දින රැලි සහ පෙළපාලි පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙවර මැයි දින රැලිය බොරැල්ල කැම්බල් පිටියේ දී පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි එහි ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් කියා සිටියේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පස්වරු 02ට එය ආරම්භ කිරීමට නියමිතයි.

සමගි ජන බලවේගය මැයි දින රැලිය මෙවර පවත්වනු ලබන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් කොළඹ – පී.ඊ. ගුණසිංහ ක්‍රීඩාගනයේ දීයි.

මේ අතර, ජනතා විමුක්ති පෙරමුණේ මැයි රැලියේ පෙළපාලිය මෙවර බී.ආර්.සී. ක්‍රීඩාංගනයෙන් ආරම්භ කර විහාර මහාදේවී උද්‍යානය දක්වා පැමිණ එම උද්‍යානය අසල දී මැයි දින රැලිය පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙවර මැයි දින රැලිය මහනුවර පොදු වෙළඳපොල ඉදිරිපිටදී පැවැත්වීමට සැළසුම් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content