Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

මෝටර් වාහන ලියාපදිංචි ගාස්තු ඇතුළු අනෙකුත් ගාස්තු ඉහළ දමා තිබෙනවා.

ප්‍රවාහන නහා මහා මාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා නිකුත් කල ඇති විශේෂ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ හෙට සිට ක්‍රියාත්මක වන පරිදි මෙම සංශෝධන බලාත්මක බවයි.

ඒ අනුව මෝටර් වාහනයක් සාමන්‍ය පදනම මත ලියාපදිංචි කිරීමේ ලේඛනයට ඇතුලත් කිරීම සඳහා ගාස්තුව රුපියල් 2,000ක්.

එහි ප්‍රමුඛතා පදනම මත ගාස්තුව රුපියල් 3,000ක් ලෙසයි දක්වා ඇත්තේ.

එක්දින පදනම මත ලියාපදිංචි ගාස්තුව රුපියල් 4,000ක් .

ප්‍රමාද වී ලියාපදිංචි කිරිමේ ගාස්තු ද ඉහළ දමා තිබෙනවා.

මෝටර් රථයක් දිනක ප්‍රමාද ගාස්තුව රුපියල් 100ක් දක්වා වැඩිකර ඇති අතර යතුරු පැදියක් සඳහා දිනක ප්‍රමාද ගාස්තුව රුපියල් 50ක් වනවා.

ලියාපදිංචි වාහනයේ සහතිකයේ විස්තර වෙනස් කිරීම රුපියල් 3,000ක ගාස්තුවක් අය කෙරෙනු ඇති.

සී සී 1600 ට අඩු මෝටර් රථයක පළමු ලියා පදිංචි ගාස්තුව රුපියල් 25න් දහසක් ලෙස දක්වා තිබෙනවා.

වාහන කාණ්ඩ 23ක් යටතේ එම පළමු ලියාපදිංචි ගාස්තු සංශෝධනය කර තිබෙනවා.

WhatsApp Group

Skip to content