යල කන්නයේ වී වගාව සදහා ගොවීන්ට තමන් කැමති පරිදි යූරියා සහ බණ්ඩි පොහොර මිලදී ගැනීමට අවස්ථාව ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් කෘෂිකර්ම අමාත්‍යංශය පවසන්නේ 2023 යල කන්නයේ දී වී වගාව සඳහා ගොවීන්ට අවශ්‍ය පොහොර ලබාදීමේ වැඩපිළිවෙල යටතේ ගොවීන් කැමති පරිදි යූරියා හා බණ්ඩි පොහොර මිලදී ගැනීමේ අවස්ථාව සලසාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය අද (03) දින තීරණය කළ බවයි.

මේ වනවිට ඇතැම් ගොවීන් රජයෙන් ලැබෙන සහනාධාර නොලැබී යනු ඇතැයි උපකල්පනය කරමින් රාජ්‍ය අංශයෙන්ම ම යූරියා සහ බණ්ඩි පොහොර ලබාගත යුතු යැයි සිතා කටයුතු කරන බැව් පෙනීගොස් ඇති බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ.

නමුත් පොහොර මිලදී ගැනීමේ දී ගොවිජනතාවගේ පහසුව උදෙසා ඔවුන්ගේ අභිමතය පරිදි පොහොර මිලදී ගැනීමට අවස්ථාව ලබාදිය යුතු යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරනවා.

දැනට පුද්ගලික අංශය විසින් අලෙවි කරන යූරියා පොහොර මිල කිලෝග්‍රෑම් 50ක පොහොර මිටියක් රුපියල් 9000 දක්වා පහළ ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් රජය විසින් පොහොර මිලදී ගැනීම සඳහා ගොවීන් වෙත ලබාදෙන සහනාධාර මුදල් තීරණය කළ පරිදිම, සියලුම ගොවීන්ට ලබාදීමට කටයුතු යොදා ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

ගොවීන් රාජ්‍ය අංශයෙන් හෝ පුද්ගලික අංශයෙන් යූරියා හා බණ්ඩි පොහොර මිලදී ගත්තත්, එය සහනාධාර ලබාගැනීමට බාධාවක් නොවන බවත් එකී සහනාධාර යථා පරිදි ගොවිජනතාවට ලබාදීමට කටයුතු යොදා ඇති බවත් කෘෂිකර්ම අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

ඒ අනුව ගොවීන්ට හෙක්ටයාර් 01කට රු.20,000ක් හා හෙක්ටයාර් 02කට රු.40,000ක් වශයෙන් පොහොර මිලදී ගැනීමට සහනාධාර මුදලක් ලබා දීමට කටයුතු යොදා තිබෙනවා.

එම නිසා මෙවර යල කන්නයේ යූරියා පොහොර මිලදී ගැනීම ගොවි අභිමතය පරිදි සිදු කළ හැකි බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.

WhatsApp Group

Skip to content