ලංකා විදුලිබල මණ්ඩලයේ සම්පත් සමාගම් 14 කට පැවරීමේ යෝජනාවලියක් සහ පනත් කෙටුම්පතක් සකස් කර ඇති බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා .

අදාල යෝජනාවලිය ක්‍රියාත්මක වුහොත් ජාතික බලශක්ති සුරක්ෂිතතාවය සමාගම්වල පාලනයට නතුවන බවයි ජනක රත්නායක මහතා වැඩි දුරටත් කියා සිටියේ .

එමෙන්ම විදුලිබල කර්මාන්තයේ වත්මන් නියාමන ආයතනය වන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ද යෝජිත විදුලිබල ප්‍රතිව්‍යුහගත කිරීමේ පනතින් අහෝසි කිරීමට ප්‍රතිපාදන සළසා ඇති බව ද සභාපතිවරයා මෙහිදී අනාවරණ කළා .

කොල්ලුපිටියේ පිහිටි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් කාර්යාලයේදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමිනුයි ජනක රත්නායක මහතා මේ බව ප්‍රකාශ කලේ .

WhatsApp Group

Skip to content