මෙවර යල කන්නයේ දී යුරියා පොහොර මිල තවදුරටත් අඩු කිරීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

මහ කන්නයේ දී රුපියල් 10,000කට ලබා දුන් යුරියා පොහොර මිටියක මිල රුපියල් 7500- 9000ත් අතර මිලක් දක්වා අඩු කිරීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කලේ.

චීන රජය විසින් මෙරට ගොවි ජනතාවට ලබා දුන් ඉන්ධන අඟුනකොළපැලැස්ස ගොවි ජනතාවට නිකුත් කිරීමේ අවස්ථාව නිරීක්ෂණය කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

අගුනකොළපැලැස්ස ඉන්ධන පිරවුම්හලට ඉන්ධන ලබා ගැනීම සඳහා රැස්ව සිටි ගොවි ජනතාව හමු වූ අමාත්‍යවරයා ඔවුන්ගේ වගා කටයුතු පිළිබඳවද කරුණු විමසා සිටියා.

මඩ පොහොර හෙක්ටෙයාර් එකකට කිලෝග්‍රෑම් 55ක් බැගින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් නිර්දේශ කර තිබෙන අතර එම නිර්දේශ ප්‍රමාණයම ගොවීන්ට නොමිලයේ ලබා දෙන බව ද අමාත්‍යවරයා එහිදී ගොවීන්ට සඳහන් කළා.

එමෙන්ම බන්ඩි පොහොර මිල ඉහළ මට්ටමක තිබෙන බැවින් එම පොහොර මිල ද රුපියල් 10,000 දක්වා අඩු කිරීමට රජයේ අවධානය යොමු කර ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

WhatsApp Group

Skip to content