Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණයට කිසිසේත් ඉඩ නොදෙන බවට වෘත්තීය සමිති අනතුරු අඟවනවා.

ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පෙන්වා දෙන්නේ ප්‍රතිව්‍යුහගතකරණය මුවාවෙන් අමාත්‍යවරයා ඒ සඳහා සූදානම් වන බවයි.

අවසන් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර විදුලිබල මණ්ඩලයේ කළ හැකි ප්‍රතිසංස්කරණ එළඹෙන සතියේ සිටම ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇති බව ඊයේ වාර්තා වුණා.

සාමුහික ගිවිසුම්වලින් ඉවත්වීම සහ මුල්‍ය පාලනය පිළිබඳව අවශ්‍ය නව ප්‍රතිපත්ති තීරණ ගැනීම එහි පළමු පියවර බව සඳහන්.

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල පිළිබඳව ප්‍රගතිය සමාලෝචනය කිරීමේ සාකච්ඡාවකදීයි මෙම කරුණු අනාවරණ වී තිබුණේ.

ප්‍රතිව්‍යුහගත කිරීමේ මාර්ග සිතියම සහ කාලවකවානු පිළිබඳව කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීමට නියමිතයි.

බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදීද ප්‍රකාශ කළේ වසර 3 කට වරක් සියයට 25 කින් වැටුප් වැඩිවන තෙල් සංස්ථා සහ විදුලිබල මණ්ඩල සාමුහික ගිවිසුමෙන් රජය ඉවත් වන බවයි.

මේ අතර විදුලි බිල ඉහල දැමිමට විරෝධය පල කරමින් ගිනිගත්හේන කළුගල ප්‍රදේශයේදී පන්දම් විරෝධතාවයක් පැවැත් වුණා .

ජාතික ජන බලවේගයේ නුවරඑලිය දිස්ත්‍රික් සංවිධායක මංජුල සුරවිරආරච්චි මහතා විසිනුයි ඊයේ රාත්‍රියේ මෙම පන්දම් විරෝධතාවය සංවිධානය කලේ .

ඒ සදහා ප්‍රදේශයේ විශාල පිරිසක් එක්ව සිටි බව අප වාර්තා කරු සදහන් කළා .

https://www.vnews.lk/storage/2023/03/JANATHA-EDIT-1-1.mp3?_=1

මේ අතර ඛනිජ තෙල් සංස්ථා නිදහස් සේවක සංගමයේ සභාපති බන්දුල සමන් කුමාර මහතාද මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් සඳහන් කලේ ලාභ ලබන ඛනිජ තෙල් සංස්ථාව ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සඳහා ගෙන ඇති තීරණය කිසිසේත් අනුමත කල නොහැකි බවයි.

https://www.vnews.lk/storage/2023/03/BANDULA-SAMAN-KUMARA-EDIT-.mp3?_=2

WhatsApp Group

Skip to content