පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව සිටි පුද්ගලයන්ගේ ළඟම ඥාතීන් වන රාජ්‍ය සේවක සේවිකාවන් මැතිවරණය සැලකිල්ලට ගෙන වෙනත් ප්‍රදේශයන් වෙත මාරු කර ඇත්නම් යළි මුලින් සේවය කළ ස්ථානයට පැමිණ රාජකාරී කටයුතු අරඹන ලෙස පළාත් සභා හා පලාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසනා.

ඇතැම් ආයතන ප්‍රධානීන්ගෙන් නොදැනුවත්භාවය හේතුවෙන් මෙලෙස මෙම පුද්ගලයන් මාරු කර යවා ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටිය‍ෙ

සැමියා මැතිවරණයට ඉදිරිපත්වීම නිසා බිරිඳ ද බිරිඳ මැතිවරණයට ඉදිරිපත් වීම නිසා සැමියාද මාරු කර යැවීමේ සිද්ධීන් ගණනාවක් දිවයිනේ ප්‍රදේශ රැසකින් වාර්තා වන බවද රාජ්‍ය අමාත්‍ය වක්කුඹුර මහතා පෙන්වා දුන්නා.

එසේම සැමියා මැතිවරණයට ඉදිරිපත්වීම සම්බන්ධයෙන් නොසතුටෙන් සිටින බිරින්දෑවරුන්ද මෙලෙස මාරු කර යවා ඇති පිරිස අතර වන බවයි අමාත්‍යවරයා පවසන්නේ.

එලෙස මාරුවීම් ලබාදීම වහා නතර කළ යුතු බවද ඔහු පෙන්වා දුන්නා.

මේ අතර ඡන්දයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන්ට සිය ඡන්ද කොට්ඨාසයෙන් පිටත වෙනත් ප්‍රදේශයක තාවකාලිකාව රාජකාරී කටයුතු ඇරඹීමට අවස්ථාව ලබාදී ඇති බවත් ඔවුන්ට අදාළ වැටුප් සහ දීමනා ගෙවීමට නිර්දේශ ලබාදී ඇති බවත් පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසනවා.

එසේම ඊට අදාළ චක්‍රෙල්ඛය ළඟදීම නිකුත් කරනු ඇති බවද අමාත්‍යවරයා වැදඩිුරටත් පවසනවා.

WhatsApp Group

Skip to content