යාපනය නගරයේ අද (29) දහවල් ලොරි රථයක් යතුරුපැදියක ගැටීමෙන් අනතුරුව,යතුරුපැදිකරු බිම වැටී ලොරි රථයේ රෝදයකට යතුරුපැදිකරුව යට වීමෙන් මෙම අනතුර සිදුවී ඇත.

අනතුරින් මියගොස් ඇත්තේ යාපනය මීසාලෙයි ප්‍රදේශයේ පදිංචි ආර්.අබිලාස් නමැති 28 හැවිරිදි පුද්ගලයෙකි.

අනතුරට අදාළ ලොරි රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, මියගිය අයගේ මළ සිරුර යාපනය රෝහල් මෘත ශරීරාගාරයට යොමුකිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

WhatsApp Group

Skip to content