යේමන රජයේ පාලන ප්‍රදේශවල උග්‍ර මන්දපෝෂණය වැඩිවෙමින් පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.

ඔවුන් නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ තවමත් මිලියන 17 ක ජනතාවක් ආහාර අනාරක්ෂිතතාවයෙන් පෙළෙන බවටයි.

අරාබිකරයේ පවතින දුප්පත්ම රටවල් අතරින් එකක් වන යේමනයට කුඩා තෙල් සහ ගෑස් සංචිතවලින් ලැබෙන ආදායම පහත වැටීම සහ සිවිල් යුද්ධ හේතුවෙන්ද දැඩි බලපෑමක් එල්ලවී තිබෙනවා.

ඒ හේතුවෙන් යේමනය විරැකියාව, ආහාර, ජලය සහ වෛද්‍ය පහසුකම් අතින් පහළම තත්වයක පවතිනවා.

WhatsApp Group

Skip to content