හෙලිකොප්ටර් අනතුරකින් යුක්රේනයේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ජීවිතක්ෂයට පත්වීම අනතුරක්ම නොවන බව එරට ජනාධිපති වොල්දෝමීර් සෙලෙන්ස්කි පවසනවා.

යුක්‍රේනයේ කියුව් අගනුවර බ්‍රොවරි නගරයේ පෙරපාසලක් සහ නිවාස සංකීර්ණයක් ආසන්නයේ මෙම අනතුර සිදුව තිබුණා.

අනතුරින් යුක්රේන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ඩෙනිස් මොනස්ටිර්ස්කි ඇතුළු පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

හෙලිකොප්ටර් අනතුරින් පසුව එම යානය කඩා වැටුණු ස්ථානයේ ගින්නක් හටගෙන ඇති අතර ඉන් කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත් ව තිබුණා.

කෙසේ වෙතත් මෙම අනතුරට රුසියාවේ සම්බන්ධයක් ඇති බවට මෙතෙක් තහවුරු වී නැහැ.

මේ අතර යුක්රේන ජනාධිපතිවරයා ඩාවෝස් හි පැවැත්වෙන ලෝක ආර්ථික සංසදය අමතමින් සදහන් කලේ යුද ගැටුම් වල අතුරු ප්‍රතිඵලක් ලෙස මෙය සිදු වු බවයි.

WhatsApp Group

Skip to content