Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

යූරියා මෙට්‍රික් ටොන් විසිදාහක් රැගත් නෞකාවක් අද (10) දිවයිනට ළගා වන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා.

එහි ලේකම් ගුණදාස සමරසිංහ මහතා පැවසුවේ තවත් යුරියා මෙට්‍රික් ටොන් 11 250ක් රැගත් නෞකාවක් ඉදිරි දින කිහිපයේදී මෙරටට ළගා වනු ඇති බවයි.

ඒ අනුව යළ කන්නයට අවශ්‍ය පොහොර අවශ්‍යතාව සම්පුර්ණ වන බව ද ඔහු සදහන් කළා.

ලේකම්වරයා කියා සිටියේ යල කන්නයට අවශ්‍ය බණ්ඩි පොහොර තොග මෙරට තුළ පවතින බවයි.

කිසිදු හිගයකින් තොරව යල කන්නයට අවශ්‍ය පොහොර බෙදා හැරීම සිදුකරන බවද කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම්වරයා සදහන් කළා.

 

WhatsApp Group

Skip to content