භාණ්ඩ කිහිපයක ආනයන සීමා ඉවත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ, මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින්.

ඉලෙක්ට්‍රොනික ද්‍රව්‍ය, සනීපාරක්ෂක උපකරණ, ආහාර ද්‍රව්‍ය, ගොඩනැගිලි ඉදි කිරිම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ඇතුළු 300 කට ආසන්න භාණ්ඩ සංඛ්‍යාවක ආනයන සීමා ඉවත්කර ඇති බව එහි සඳහන් .

ඊයේ සිට අදාළ ආනයන සීමා ඉවත් කර ඇති බව එම ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.

මේ අතර පසුගිය 07 වනදා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ ආනයන සීමා කර ඇති භාණ්ඩ ලැයිස්තුව 1,216ක් දක්වා අඩු වී ඇති බවයි .

WhatsApp Group

Skip to content