Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

විදුලි ගාස්තු සංශෝධනය සඳහා පිරිවැය ගැලපුම් යෝජනාවලියක් වෙනුවෙන් ඉදිරිපත් වූ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමි වූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා .

ඔහු මේ බව සදහන් කර ඇත්තේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් .

කෙසේ වෙතත් කැබිනට් මණ්ඩලය මේ සම්බන්ධව තීරණය කර ඇතත් විදුලි බිල යළිත් වරක් වැඩි කරන දිනය පිළිබඳ තීරණයක් ගෙන නොමැති බව වාර්තා වනවා.

මේ සම්බන්ධව නුදුරු දිනකදී මහජන උපයෝගීතා කොමිසම සමඟ සාකච්ඡා කර අවසන් තීරණයකට එළැඹීමට නියමිත බවයි වාර්තා වන්නේ .

මේ අතර අද දිනයේත් විදුලි කප්පාදුව සිදුකිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසමේ අවසරය ලබා දී තිබෙනවා .

ඒ අනුව පැය 2යි මිනිත්තු 20ක කාලයක් විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතයි .

එහිදී ඒ සිට ඩබ්ලිව් දක්වා කලාප සඳහා දහවල් කාලයේ පැයක කාලයක් සහ රාත්‍රී කාලයේ පැයයි මිනිත්තු 20ක කාලයක් විදුලි කප්පාදුව සිදු කරනු ලබනවා .

WhatsApp Group

Skip to content