මේ වන විට දේශපාලන පක්ෂ 4 ක් සහ ස්වාධින කණ්ඩායම් 10 ක් පළාත් පාලන මැතිවරණය සදහා නාම යෝජනා ලබා දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරනවා .

ඒ අනුව මෙලෙස නම යෝජනා භාර දී ඇත්තේ කොළඹ ,ගම්පහ ,ගාල්ල , කුරුනෑගල ,අම්පාර, බදුල්ල ,පුත්තලම සහ හම්බන්තොට යන දිස්ත්‍රික්ක සදහායි .

මෙහිදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කොළඹ ,කුරුනෑගල සහ පුත්තලම යන දිස්ත්‍රික්ක සදහා නාම යෝජනා භාර දී තිබෙනවා .

හම්බන්තොට දිස්ත්‍රික්කය සදහා ඊයේ දිනයේදී නාම යෝජනා ලබා දීමටයි ජාතික ජන බලවේගය කටයුතු කලේ .

කල්මුනේ මහ නගර සභාව සදහා පමණක් එක්සත් ජාතික නිදහස් පෙරමුණ නාම යෝජනා බාර දී තිබෙනවා .

කොළඹ මහා නගර සභාව සදහා පමණක් තරග වැදීමට එක්සත් කොංග්‍රස් පක්ෂය නාමයෝජනා ලබා දී ඇති බවයි වාර්තා වන්නේ .

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළාත් පාලන මැතිවරණය සඳහා දිස්ත්‍රික්ක තුනකට අද දිනයේ ඇප මුදල් තැම්පත් කරන බව එම පක්ෂය ප්‍රකාශ කරනවා .

ඒ අනුව අනුරාධපුරය සහ පොළොන්නරුව යන දිසත්‍රික්කවලට අද පෙරවරුවේ දී මෙලෙස නාම යෝජනා භාර දීමට නියමිතයි .පස්වරුවේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට ඇප මුදල් තැම්පත් කරන බව ද එම පක්ෂය වැඩි දුරටත් සඳහන් කළා .

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සම්භන්ධයෙන් ඊයේ දිනයේදීත් මහජන නියෝජිතයින් විවිධ අදහස් මාධ්‍ය වෙත පල කළා .

මේ එලෙස අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු ,සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා ,කෘෂිකර්ම ,වන ජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර සහ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස යන මහත්වරුන් .

https://www.vnews.lk/storage/2023/01/MIX-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content