වකුගඩු ජාවාරම් සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් තැරැව්කරුවකු බව කියන පුද්ගලයෙකු ලබන 13 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහතා නියෝග කළා.

අදාළ සැකකරු එදින හදුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා යොමු කරන ලෙසයි මහේස්ත්‍රාත්වරිය බන්ධනාගාර නිලධාරීන්ට එහිදී නියෝග කර ඇත්තේ.

පෙරේදා දිනයේදී කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගත් අදාළ සැකකරු ඊයේ දිනය ආවරණය කොට අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

කොළඹ අපරාධ කොට්ඨාශය වෙනුවෙන් පෙනී සිටි ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙම නඩුකරය මෙරට අපරාධ ඉතිහාසයේ සුවිශේෂී නඩු කටයුත්තක් වන බවයි.

මෙම සිද්ධියට සම්බන්ධ බොරැල්ල ප්‍රදේශයේ පිහිටි රෝහලේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් 06 දෙනෙකු විමර්ශන කටයුතු හමුවේ රටින් පළා යාමේ අවදානමක් පවතින හෙයින් ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසද වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

මේ අනුව ඉදිරිපත්වූ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරිය අදාළ තැරැව්කාර සැකකරු ලබන 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා.

WhatsApp Group

Skip to content