Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

පෙබරවාරි මාසය අවසන් වීමට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව සහ රජය අවශ්‍ය පියවර ගත යුතුව ඇතැයි පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසනවා.

යම් හෙයකින් පළාත් පාලන මැතිවරණය පෙබරවාරි මාසය අවසන් වීමට පෙර පැවැත්වීමට නොහැකි වුවහොත් ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගවලට යොමුවන බවත් රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළා.

මාර්තු 12 ව්‍යාපාරය කොළඹ පදනම් ආයතනයේදී කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසුවා.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගන්නැයි තම සංවිධානය අග්‍රාමාත්‍යවරයා හමුවී ඉල්ලීමක් කළ බවත් ඔහු සඳහන් කළා.

නියමිත කාලයට මැතිවරණ පැවැත්විය යුතු බවත්, මැතිවරණයට බාධාවක් වන ආකාරයෙන් යම් කිසි ක්‍රියාමාර්ගයක් ගතහොත් ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු තවදුරටත් ප්‍රකාශ කර සිටියා.

WhatsApp Group

Skip to content