Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

රජයේ සුබසාධන ප්‍රතිලාභ සඳහා පුද්ගලයින් ලක්ෂ 37 කට අධික සංඛ්‍යාවකගෙන් අයදුම්පත් ලැබී ඇති බව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.

සමස්ත ශ්‍රී ලංකාව ආවරණය වන පරිදි ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් පසුගිය අගෝස්තු මස රජයේ ආධාර ලැබීමට සුදුසු පුද්ගලයින් සහ පවුල් හදුනා ගැනීම සඳහා තොරතුරු ලබා ගත් බවත්, මේ අනුව දැනට රජයේ ආධාර ලබන පුද්ගලයින් ද ඇතුළත්ව මෙම ලක්ෂ 37 ක සංඛ්‍යාව අයදුම්කර ඇති බවත් සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කරනවා.

මෙම තොරතුරු රැස් කිරීමේ දෙවන අදියර යටතේ ක්ෂේත්‍ර නිලධාරීන් මෙම මස ආධාර අයදුම්කරු ළගට ගොස් දුරකථන යෙදවුමක් හරහා තොරතුරු රැස් කිරීමට නියමිත බවත් එම තොරතුරු ඒකාබද්ධ සුබසාධන ප්‍රතිලාභ තොරතුරු පද්ධතියට ඇතුළත් කිරීමට නියමිත බවත් එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළා.

WhatsApp Group

Skip to content