Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

නව වසරේ පාර්ලිමේන්තුව රැස්වීම ලබන ජනවාරි මස පස් වනදා සිදු කිරීමට තීරණය කර තිබෙනවා.

පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී මෙම තීරණය ගෙන ඇති බවයි පාර්ලිමේන්තුවේ සන්නේවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

හෙට පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීමෙන් අනතුරුව නව වසරේ පාර්ලිමේන්තුව ජනවාරි මස පස්වනදා රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරකා සභා රැස්වීමේදී තීරණය කෙරුණා.

නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එම කාරක සභාව රැස්ව තිබුණා.

පස්වනදා රැස්වෙන පාර්ලිමේන්තුවේදී පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත සහ බද්දට දී ඇති පරිශ්‍රවල සන්තකය ආපසු ලබා ගැනීමේ පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය ද පැවැත්වීමටයි එහිදී තීරණය වී ඇත්තේ.

මේ අනුව එදින පස්වරු 05.00 සිට 05.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ විවාදය පැවැත්වීමටද නියමිතයි.

WhatsApp Group

Skip to content