Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

රජයේ ආයතන විසින් විවිධ උත්සව සඳහා කරන වියදම් අත්හිටුවීමට අදාළ චක්‍රලේඛය ලබන වසර සඳහා ද වලංගු වන බව මුදල් අමාත්‍යාංශය දැනුම් දෙනවා.

නව චක්‍රලේඛයක් නිකුත් කරමින් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සඳහන් කළේ ලබන වසරට රාජ්‍ය ආයතන, වාර්ෂික අයවැය ඇස්තමේන්තු මගින් වෙන්කර දී ඇති ප්‍රතිපාදන සීමාවන් නොඉක්මවන පරිදි වියදම් කළමනාකරණය කර ගැනීම, නිලධාරින්ගේ වගකීම බවයි.

2023 වර්ෂය තුළ වියදම් දැරිම සඳහා බලය දීම සහ රාජ්‍ය වියදම් කළමනාකරණය යන මැයෙන් මෙම නව චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා.

නව චක්‍රලේඛය මගින් උපදෙස් දී ඇත්තේ පවත්නා අර්බුදකාරි වාතාවරණය හේතුවෙන්ව නව වර්ෂයේදී රජයේ වියදම් දැරීම අන්කවරදාටත් වඩා විචක්ෂණශීලීව සිදුකළ යුතු බව හා රජයේ ආයතන විසින් විවිධ උත්සව සඳහා කරනු ලබන වියදම් අත්හිටුවිම යන මැයෙන් නිකුත් කර ඇති චක්‍රලේඛ විධිවිධාන තවදුරටත් දැඩිව පිළිපැදිය යුතු බවයි.

WhatsApp Group

Skip to content