Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

රටේ අදායම් ස්ථිර වනවා නම් මෙම වසරේ තුන්වන කාර්තුවේදී රාජ්‍ය සේවකයින්ට අමතර දීමනාවක් ලබා දීමට බලාපොරොත්තුවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා .

ජනාධිපතිවරයා මේ බව සදහන් කලේ නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක අටමස්ථානාධිපති ආචාර්ය අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් වෙත ශ්‍රී සන්නස් පත්‍ර පිළිගැන්වීමේ අවස්ථාවට එක වෙමින් .එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් අදාළ සන්නස් පත්‍රය උන්වහන්සේ වෙත භාර දීම සිදු කෙරුනා .

මෙහිදී වැඩි දුරටත් අදහස් පල කල ජනාධිපතිවරයා සදහන් කලේ පත්ව ඇති තත්වයෙන් රට මුදවා ගැනීම සදහා විකල්ප පවතී නම් ඒ සදහා අවධානය යොමු කිරීමට තමන් සුදානම් බවයි .

https://www.vnews.lk/storage/2023/01/RANIL-EDIT-.mp3?_=1

එමෙන්ම අටමස්ථානාධිපති ආචාර්ය අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් වෙත ශ්‍රී සන්නස් පත්‍ර පිළිගැන්වීමේ අවස්ථාවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කතානායක මහින්ද යාපා අබේවර්ධන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු මැති ඇමතිවරුන් රැසක්ද එක්ව සිටියා.

WhatsApp Group

Skip to content