දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන 19න් පහළ කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වෙනවා .

ඒ එංගලන්ත කාන්තා කණ්ඩායම සහ ඉන්දීය කාන්තා කණ්ඩායම අතරයි .

තරගය මෙරට වේලාවෙන් පස්වරු 05.15 ට ආරම්භ වීමට නියමිත වනවා .

මෙහිදී තරග තීරකවරිය ලෙස ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් නායිකා වැනේසා ද සිල්වා මහත්මිය කටයුතු කරනු ඇති .

අවසන් මහා තරගයක් ශ්‍රී ලාංකික කාන්තාවක් විසින් විනිශ්චය කරනු ලබන පළමු අවස්ථාව මෙයයි .

කෝල්ට්ස් ක්‍රීඩා සමාජය වෙනුවෙන් පළමු පෙළ ක්‍රීඩා කළ ඇය නුගේගොඩ ශාන්ත ජෝසප් කන්‍යාරාමයේ ආදී ශිෂ්‍යාවක්ද වනවා .

ජාත්‍යන්තර තරඟ 14 කදී වැනේසා ද සිල්වා මහත්මිය ශ්‍රී ලංකාව නියෝජනය කර තිබෙනවා.

WhatsApp Group

Skip to content