පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සදහා පක්ෂ 18ක් පළාත් පාලන ආයතන 210 ක් සදහා ඊයේ පස්වරුව වනවිට ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

ස්වාධීන කණ්ඩායම් 13 ක්ද ඇප මුදල් තැන්පත් කර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරන්නේ.

අද දිනයේත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් ඇප මුදල් තැන්පත් කරනු ලැබුවා.

මේ අතර ආර්ථික වශයෙන් අර්බුධයක් ඇතිවී තිබෙන මෙම අවස්තාවේ රට තුල මැතිවරණයක් පැවැත් වුවහොත් ජනතාව කොටස් වශයෙන් බෙදි වෙන්වන බව බුද්ධ ශාසන , ආගමික කටයුතු සහ සංස්කෘතික අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසනවා . පවත්නා තත්ත්වය මත පළාත් පාලන මැතිවරණයක් අනවශ්‍ය බවයි ඔහු ප්‍රකාශ කලේ.

තලවකැලේ ශ්‍රි කදිරේෂන් හින්දු කොවිලේ පැවති ජාතික තෛපොංගල් දින උත්සවයට සහභාගි විමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් .ඔහු මේ බව සදහන් කළා .

https://www.vnews.lk/storage/2023/01/VIDURA-WIKRAMANAYAKA-EDIT-.mp3?_=1

මේ අතර නිදහස් ජනතා සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් නාම යෝජනා ලබා දීම පිළිබද සාකච්චාවක් අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේදී පැවැත්වුවා .
මේ එම සාකච්චාවෙන් අනතුරුව මාධ්‍යවෙත අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් විරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරුන් .

https://www.vnews.lk/storage/2023/01/WIMAL-EDIT-.mp3?_=2

තම පක්ෂය මැතිවරණයට සුදානම් වනවා හැර කල්දැමීමට කටයුතු නොකරන බව එක්සත් ජාතික පක්ෂ මහා ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසනවා .
ඔහු මේ බව සදහන් කලේ අද කොළඹදී අදහස් දක්වමින් .

https://www.vnews.lk/storage/2023/01/PALITHA-RANGEBANDARA-EDIT-.mp3?_=3

විපක්ෂයේ චන්ද පාර්ශව තුනකට වෙන්වීම හේතුවෙන් පවතින ආණ්ඩු පක්ෂයට විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගත හැකි බව රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක මහතා පවසනවා .
ඔහු මේ බව සදහන් කලේ හම්බන්තොට ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පල කරමින්

https://www.vnews.lk/storage/2023/01/CHANAKA-EDIT-.mp3?_=4

WhatsApp Group

Skip to content