Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

තවදුරටත් ඖෂධ වර්ග 100කට අධික සංඛ්‍යාවක හිඟයක් පවතින බව, සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා .

අමාත්‍යාංශය සඳහන් කළේ, ගෙවීම් ප්‍රමාද වීම හමුවේ එම තත්ත්වය මතුව ඇති බවයි.

කෙසේ වෙතත්, හැකි උපරිමයෙන් අවශ්‍යතාව අනුව ඖෂධ සැපයීමට පියවර ගෙන ඇති බවද , අමාත්‍යාංශය සදහන් කළා .

මේ අතර ඖෂධ හිඟය හේතුවෙන් තමන් දැඩි අපහසුතාවයට පත්ව සිටින බව අනුරාධපුර ශික්ෂණ රෝහලට පැමිණෙන පිළිකා රෝගීන් සහ ඔවුන්ගේ භාරකරුවන් පවසනවා.

ඖෂධවල මිලගණන් ඉහල යාම හේතුවෙන් පිළිකා රෝගීන්ට ලබාදෙන ඖෂධ පෞද්ගලික අංශයෙන් මිලදි ගැනීමට සිදුවීම ද තමන් විදින තවත් ගැටලුවක් බවයි රෝගීන් පෙන්වා දෙන්නේ.

WhatsApp Group

Skip to content